මුලින්ම ලියන්න හිතුනෙ සිංහල ගිනි නරියා ගැන උනත් පස්සෙ එයාට අන්දපු ඇඳුම්වල ලස්සන දැක්කම හිතුන 'ප(ර්)සනාස්' ගැනත් ලියන්න කියල.
ගොඩක් කාලෙක ඉඳන් පරිගණක ක්ෂේත්‍රයට සම්බන්ධ අපේ ඈයො මහන්සි උනා සිංහලය එහි නොමළ, ජීවමාන බසක් බවට පත් කරන්න. ඒ වටිනා කියන උත්සාහයන්හි ප්‍රතිඵල තමයි මේ අද අපි දකින, භාවිතා කරන 'සිංහල යුනිකෝඩ්'. ඒ නිසාම දැන් ජපානයේ, ඇමරිකාවෙ ඉගෙන ගන්න ගියපු මගෙ යාලුවො 'ස්කයිප්' වලදි, 'ෆේස්බුක්' වලදි මාත් එක්ක චැට් කරන්නෙ විජේසේකර යතුරුපුවරුවෙන්. (මට ඉතින් සිංහල ටයිපින් තවම හුරු නැති නිසා මම යුනිකෝඩ් කන්ව(ර්)ටරය පාවිච්චි කරනව ). කොහොම උනත් අපිට වගෙම ඒ අයටත් දැන් ගොඩක් ආඩම්බර ඇති පිටරටකදි උනත් තමන්ගෙ මව් භාෂාව සජීවීව භාවිතා කරන්න පුලුවන් වීම ගැන.
මේ අතරෙ තමයි අපේ ආදරණීය නරි පැංචගෙ 3.5 සංස්කරණය සිංහලෙන් තියෙනව කියල දැක්කෙ. මෙගාබයිට් 7.58 යි. ඩයලොග් බට්ටටයි 'අයි.ඩී.එම්' වලටයි පින් සිද්ද වෙන්න විනාඩි දෙකක්වත් ගියෙ නෑ. ඉතින් ඔන්න install....ආහ්...අළුත් විදියට කියනව නම් ස්ථාපනය කළා.
File, Edit, View, History, Bookmarks, Tools, Help වෙනුවට දැන් තියෙන්නෙ ගොනු, සැකසුම්, දසුන්, අතීතය, පිටු සලකුණු, මෙවලම් සහ උදව්. වෙබ් පිටු load වෙනව වෙනුවට දැන් පුරණය වෙනව. මොකක් හරි වෙබ් පිටුවකට යන්න අණ දුන්නම නරිපැංච දැන් කරන්නෙ එම පිටුව හා සම්බන්ධ වෙමින්.....එය සඳහා රැඳෙමින්....එය වෙතින් දත්ත මාරු කරමින් සිට...අවසන් වූ පසු, 'කළා' යැයි ප්‍රකාශ කිරීම. හොඳයි නේද අපේම භාෂාවෙන් වැඩ පෙන්නන මේ බ්‍රව්සරය???
ඔහොම සැරිසරණ අතරෙ දැක්ක අපේ මේ ගිනි නරියට ඇඳුම් අන්දවන්නත් පුලුවන් බව. තේරෙන භාෂාවෙන් කියනව නම් Add-on එකක් පාවිච්චි කරල browser එකේ skin එක මාරු කරන්න පුලුවන් කියන එක. අළුත් අත්දැකීමක් මට නම්. ස්ථාපනය කරල බැලුව....ඇත්තටම ලස්සනයි. ගොඩක් මාදිලිත් තියෙනව. මේ ඇඩෝනයේ නම 'ප(ර්)සනාස්' [Personas].
මේක කියවපු ඔයාලත් කැමති නම් සිංහල ගිනි නරියට 'ප(ර්)සනාස්' ස්ථාපනය කරල මේ වෙනස අත්විඳින්න....
මෙන්න අදාල සබැඳුම්.
සිංහල ගිනි නරියා
ප(ර්)සනාස් ඇඩෝනය
Saturday, July 18, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment