හා හා පුරා කියල ඔන්න සිංහල බ්ලොග්කරණයට මමත් එකතු උනා. බ්ලොග් ලිවීම ගැන අහල තිබ්බත් මුලින්ම ඒ ගැන උනන්දුවක් ආවෙ ෂෙහාන් මෙන්ඩිස් කියන මගෙ මිතුර හදපු CYBERSPACE කියන බ්ලොග් පිටුවෙ අඩු පාඩු බලන්න කියල මට කියපු වෙලාවෙ. ඒත් ඒ අදහස ක්රියාවට නංවන්න හිත හිතා වැනි වැනි හිටපු දවසක තමයි 'දුකා' සහෝදරයගෙ "ගායකයෙකු හෝ ගායිකාවකගේ අගය/වටිනාකම මැනිය හැක්කේ......" කියන පෝස්ට් එක දැක්කෙ.
ඒකට අදසක් දාල පිළිතුරු බලාගෙන ඉන්න අතරෙ අනික් ගොඩක් දෙනෙක්ගෙ පෝස්ට්ස් කියෙව්ව මොකක්ද ඇත්තටම මේ බ්ලොග් ලියනව කියල කියන්නෙ කියල දැන ගන්න. නම් වශයෙන් සඳහන් කරන්න අමාරු නිසා හැමෝටම ස්තුති කරනව පොදුවෙ මම මේ වෙලාවෙ ඒ හැම දේකටම.
ඊළඟට කැමතියි මම් මතක් කරන්න මගෙ තවත් මිතුරෙක් වෙන සුමුදු හසල ව. ඔහු තමයි මට මුළින්ම XP සඳහා නිවැරදි unicode මෘදුකාංගයට link එක දුන්නෙ. ඔහු නොවන්නට මේ කිසිම පෝස්ට් එකක් මම නොකියවන්නත් තිබුන මොකද ඒ වෙනකොටත් මම සිංහල අකුරු වල අවුල නිසා හොඳටම හෙම්බත් වෙලා හිටපු නිසා.
කොහොම හරි ඔන්න වාහනේ පණ ගන්වගෙන පාරට දාගත්ත. දැන් ඉතින් හිමින් සැරේ යන්නයි තියෙන්නෙ. මෙහි තියෙන වැරදි අඩු පාඩුකම් පෙන්නල දීල හොඳ යමක් කරන්න මට උදව් කරන්න කියල අවසාන වශයෙන් හැමෝගෙන් ම බොහොම ආදරයෙන් ඉල්ලනව.
Saturday, July 18, 2009
Subscribe to:
Post Comments (Atom)
hey dats gonna be good.
ReplyDeletehey ela ela pola!!!!!!!!!!!
ReplyDeleteපොලා අයියේ, මම අද නෙ ඔයාගෙ මේ blog එක දැක්කෙ. මගෙ නමත් කියවිලා තියෙනව නෙ මේ post එකේ. ඒ ගැන බොහෝම සන්තෝසයි. :)
ReplyDeleteබ්ලොග් ලියවිල්ලට අපේනුත් සුභ පැතුම් කෝ බන් අවුරුද්දකින් විතර මේ පැත්තේ ඇවිත් නැහැනේ :-D
ReplyDelete